Gossips

ග්‍රෑන්ඞ්පාස් සහ මෝදර මාර්ග කිහිපයක වාහන ගමනාගමනයට සීමා

ග්‍රෑන්ඩ්පාස් – පරාක්‍රම මාර්ගයේ ජල නළ එලීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් අද සිට ලබන 30 වන දා දක්වා සෑම සිකුරාදා දිනකම මාර්ගයේ ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසනවා.
ඒ අනුව රාත්‍රී 10 සිට අලූයම 5 දක්වා මෙම ජල නළ එලීමේ කටයුතු සිදුකරන අතර, එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.
මේ අතර, මෝදර – අලූත්මාවත – මාදම්පිටිය පාර හන්දියේ සිට පඤ්ඤානන්ද මාවත හන්දිය දක්වා ද වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
ජල නළ එලීමේ ව්‍යාපෘතියක් නිසා රාත්‍රී 10 සිට අලූයම 5 දක්වා එම මාර්ගයේ ද වාහන ගමනාගමන කටයුතු සීමා වනු ඇති.