Gossips

ග්‍රාම නිලධාරීවරුන් අද ලෙඩ වෙයි

ගැටළු 17ක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීවරුන් අද (05) දිනයේදී ලෙඩ නිවාඩු දමා වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීගේ සංගමය කොළඹ දී ඊයේ (04) මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ තම වර්ජනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහායි.
එහි ප්‍රධාන ලේකම් කමල් කිත්සිරි එහිදී සඳහන් කළේ තම වර්ජනයට සමගාමීව අද (05) දින පාර්ලිමේන්තු වට රවුමේදී විරෝධතාවක් ද පවත්වන බවයි.
එමෙන්ම, සැලසුම් කළ පරිදි දුම්රිය වර්ජනය අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.
දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ සඳහන් කළේ බදවා ගැනීමේ පටිපාටිය උල්ලංගණය කරමින් වයස අවුරුදු 45 ඉක්ම වූ දුම්රිය සේවකයින් 12 දෙනෙකු රියදුරන් ලෙස බදවා ගැනීමට එරෙහිව මෙම වර්ජනය දියත් කරන බවයි.
කෙසේ වෙතත්, තම ඉල්ලීම්වලට විසදුම් ලැබුණහොත් වර්ජනය අත්හිටුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.