Gossips

ග්‍රාම නිලධාරීන් නිසා පාර්ලිමේන්තු වටරවුම හිරවෙයි

ග්‍රාම නිලධාරීගේ විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා.
ගැටළු 17ක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීවරුන් අද (05) දිනයේදී ලෙඩ නිවාඩු දමා වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණා.
ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීගේ සංගමය කොළඹ දී ඊයේ (04) මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ තම වර්ජනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහායි.
එහි ප්‍රධාන ලේකම් කමල් කිත්සිරි එහිදී සඳහන් කළේ තම වර්ජනයට සමගාමීව අද (05) දින පාර්ලිමේන්තු වට රවුමේදී විරෝධතාවක් ද පවත්වන බවයි.