Gossips

ග්‍රාම නිලධාරීන්ගේ විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු වටරවුම අවට රථ වාහන තදබදයක්

ග්‍රාම නිළධාරීන් පිරිසක් සිදුකරන විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වට රවුම අවට මාර්ගවල මේ වන විට රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර ඇති අතර, මීට පෙර ද සේවා ව්‍යවස්ථාවක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් 17ක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ විරෝධතාවක නිරත වුණා.