Gossips

ග්‍රාම නිලධාරිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

සේවා ව්‍යවස්ථාව, වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
එම සංගමය විසින් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර ඊට එක්වෙමින් එහි සභාපති ඩී.බී.රත්නායක සඳහන් කළේ එළඹෙන මාර්තු මාසයේදී තම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.