අකුරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරීවරියකට පහර දී රාජකාරියට බාධා කළ බව කියන කාන්තාවක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අකුරන – මාරහෙල වසමේ ග්‍රාම නිලධාරිනිය සිතාසියක් භාරදීම සඳහා ඊයේ (13) සැකකාර කාන්තාවගේ නිවසට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
පහර කෑ බව කියන ග්‍රාම නිලධාරිනිය මේ වන විට අකුරන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වී තිබෙනවා.
