Gossips

ග්‍රාමශක්ති වැඩසටහනේ තවත් අදියරක් අද බදුල්ලේදී

ග්‍රාම ශක්ති වැඩසටහනේ තවත් අදියරක් ඌව පළාත කේන්ද්‍ර කර ගනිමින් බදුල්ල පළාත් සභා ශ්‍රවණාගාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි.
මෙහිදී රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලෙන අතර ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දැමීම සදහා ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.
ග්‍රාම ශක්ති ව්‍යාපාරය මගින් ජනතාව සංවිධානය කොට ඔවුන්ට ස්වාධීනව නැගී සිටීම සඳහා ජනතා සමාගම් පිහිටුවීමට නියමිත අතර මේ වර්ෂය තුළ ගම්මාන 2000ක් පුරා සමාගම් 2000ක් පිහිටවීමට නියමිතයි.