Gossips

ග්‍රාමශක්ති නැගෙනහිර මෙහෙයුම් කමිටුව – ජනපති ප්‍රධානත්වයෙන් අද

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද මඩකලපුව – මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙසයි ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ.
2018 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමශක්ති සමිතිවලට ලබාදී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 42 ක්.