Gossips

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සබරගමු මෙහෙයුම් කමිටුව ජනපතිගේ් ප්‍රධානත්වයෙන් හෙට

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සබරගමුව පළාත් මෙහෙයුම් කමිටුව හෙට රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී රැස්වීමට නියමිතයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී එම ප්‍රදේශයේ ජනතාව මුහුණදී ඇති ගැටළු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.
එමෙන්ම මෙම රැස්වීමේදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ග්‍රාමශක්ති ජනතා සමිති සඳහා ලබාදෙන පළමු වාරිකය ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා විසින් සිදුකරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.