ග්වාතමාලාවේ පියුගෝ ගිනිකන්ද විදාරණය වීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් තවත් පුද්ගලයින් 300 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගිනිකන්දෙන් පිටවන ලාවා අවට ගම්මාන වෙත ගලා ඒමෙන් නිවාස විශාල ප්‍රමාණයක්ද විනාශ වී ඇති බව සඳහන්.
එසේම ගිනි කන්දෙන් පිටවන අළු සහ දුමාරය හේතුවෙන් එරට ලාඅවුරෝරා ජාත්‍යන්තර ගුවන් තොටුපල මේ වනවිට වසා දමා තිබෙනවා.
එමෙන්ම රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි ග්වාතමාලා ජනාධිපති ජිමී මොරාලෙස් පියවර ගත්තේ.