Gossips

ග්ලයිෆොසේට් යළි කරළියේ

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අනුමත කිරීමෙන් ආණ්ඩුව වැළකිය යුතු බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ග්ලයිෆොසේට් වල් නාශකය සඳහා පැවති තහනම ඉවත් කිරීමේ සූදානමක් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පසුගියදා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කර ඇති යෝජනාව සම්බන්ධයෙන් පසුගියදා මෙලෙස විරෝධය පළ කළා.
ග්ලයිෆොසේට් වල්නාශකය සඳහා පැවති තහනම ඉවත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රධානත්වය දරණ ජාතික ආර්ථික සභාව තීරණය කර ඇති බව අමාත්‍ය නවීන් දිසානායකද පසුගියදා ප්‍රකාශ කළා.
මෙම තහනම ඉවත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි විෂය භාර අමාත්‍ය දුමින්ද දිසානායක ද පසුගියදා සඳහන් කළේ.
කෙසේ වෙතත්, වෛද්‍ය චන්න ජයසුමන හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ග්ලයිෆොසේට් වල්නාශකය භාවිතයට නැවත අවසර ලබාදීම අදූරදර්ශී ක්‍රියාවක් බවයි.