Gossips

ග්ලයිෆොසේට් තහනම ඉවත් කර නොමැති බව රතන හිමියන් කියයි

තේ සහ රබර් සඳහා පනවා තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය රතන හිමියන් ප්‍රකාශ කළා.
වස විසෙන් තොරව පරිසර හිතකාමී වගා කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් පැවැත්වෙන වැඩසටහනකට කොළඹ දී අද (03) එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ ජනාධිපති ලේකම්වරයාගෙන් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියා සිටි බවයි.
කෙසේ වෙතත් කොළඹ දී ඊයේ (02) මාධ්‍ය හමුවක් කැදවමින් රබර් සහ තේ සඳහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක කියා සිටියා.