Gossips

ග්ලයිෆොසෙට්වලට එරෙහිව වකුගඩු රෝගීනුත් නඩු මගට

වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉදිරියේදී අදාළ පළිබෝධ නාශක නිෂ්පාදන සමාගම්වලට එරෙහිව නඩු ගොනු කරන බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා.
ග්ලයිෆොසෙට් අඩංගු පළිබෝධ නාශක භාවිතය නිසා තමාට පිළිකා රෝගය වැළදුණු බවට ඇමරිකානුවෙකු සිදුකළ අභියෝගය කැලිෆෝනියා අධිකරණය මගින් පිළිගෙන තිබුණා.
ඒ අනුව ඔහුට ඩොලර් මිලියන 289ක වන්දියක් ගෙවන ලෙස ග්ලයිෆොසෙට් නිෂ්පාදනය කරන මොනසාටෝ සමාගමට එම අධිකරණය මගින් ඊයේ නියෝග කළා.
ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මහාචාර්යවරයාගෙන් විමසීමක් කළ අතර එහිදීයි ඔහු මේ බව කියා සිටියේ.