ගලහ ප්‍රදේශවාසීන් අදත් මහ මගට බැස විරෝධතාවක නිරතවුණා.
ගලහ නගරයේදී සිදුකළ මෙම විරෝධතාවයේදී ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියේ වසා දමා ඇති ගලහ රෝහල කඩිනමින් විවෘත කර දෙන ලෙසයි.
පසුගිය 28 වන දා ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අවුරුදු එක හමාරක් පමණ වයසැති කුඩා පිරිමි දරුවෙකු මිය යාමේ සිද්ධියත් සමඟ එහි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තා.
පසුව එම තත්ත්වය පාලනය කිරීමට රෝහල තාවකාලිකව වසා දැමීමටද බලධාරීන්ට සිදුවුණා.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක්ද සිදුකර වාර්තාවක්ද ලබාදෙන ලෙසටයි.
ගලහ රෝහලේ උනුසුම් සිදුවීම ඇතිවූ දිනයේ පොදු දේපලවලට හානි සිදුකිරීමේ චෝදනාව යටතේ පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.