Gossips

ගසක අත්තක් ඉවත් කිරීමට ගිය පුද්ගලයෙකු හදිසි අනතුරකට ලක්වෙයි

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හපුතලේ ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක ෆයිනස් ගස් කිහිපයක් ඉවත් කිරීමේ කටයුත්තක නිරත වී සිටි පුද්ගලයෙකු ඊයේ (05) හදිසියේ අනතුරකට ලක්වීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.
ඔහු අඩි 100ක් පමණ උසකින් යුත් ගසක මුදුනේ තිබු අත්තක් ඉවත් කිරීමට යාමේදීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.
මෙලෙස තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් රෝහල් ගත කල බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුර ලක්වූ පුද්ගලයා බේරාගැනීමේ මෙහෙයුම අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන් වී තිබුනා.
එම වීඩියෝව පහතින්.