Gossips

ගසකින් ඇද වැටී තිදරු පියෙක් මරුට

රාගල ප්‍රදේශයේදී ගසකින් ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි වතු කම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අද දහවල් ඔහු අනතුරට ලක්වී ඇත්තේ අඩි 20 ක් පමණ උසැති ගසක අතු කපමින් සිටියදීයි.
ගසින් ඇද වැටීමෙන් බරපතල තුවාල ලැබු මෙම කම්කරුවා රොබේරිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට මාරුකර යවා තිබුනා.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු මියගොස් ඇත්තේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වුයේ 37 හැවිරිදි තිදරු පියෙක්.
සිද්ධිය පිළිබඳ බදුල්ල සහ මඩොල්සිම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.