Gossips

ගසක් කඩා වැටීමෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල – හොරගොල්ල ප්‍රදේශයේදී ගසක් කඩාවැටීමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.
මේ වනවිට කඩා වැටී ඇති ගස ඉවත් කිරීමට කටයුතු කරමින් තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ හේතුවෙන් පොලීසිය එම මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.