Gossips

ගසක් කඩාවැටීමෙන් බත්තරමුල්ල අවට රථවාහන තදබදයක්

බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයට ගසක් කඩාවැටීමෙන් මාර්ගය අවහිර වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (24) රාත්‍රියේ කොළඹ දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාවත් සමඟ මෙම ගස කඩාවැටී ඇති බවයි.
මේ හේතුවෙන් අද (25) උදෑසන බත්තරමුල්ල අවට මාර්ග කිහිපයක රථවාහන තදබදයක්ද හටගත්තා.
මේ අතර වර්ෂාවත් සමඟ රාජගිරිය සහ වැලිකඩ ප්‍රදේශයේ මාර්ග කිහිපයක කාණු පද්ධතිය අවහිරවීම නිසා මාර්ගය ජලයෙන් යටවී තිබූ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.