Gossips

ගවයින් හතරක් අමානුෂික ලෙස මරා දැමූ හිත් පිත් නැති කාන්තාව (ඡායාරූප)

වවුනියාව, තට්ටාන්කුලම ප්‍රදේශයේදී විෂ මිශ්‍ර ජලය ලබාදී එළ ගවයින් සිව්දෙනෙකු මරා දමා ඇති බව අප වාර්තාකරු පවසනවා.
පවතින නියඟය හමුවේ ආහාර සහ ජලය සොයාගෙන පැමිණි ගවයින්ට මෙලෙස වස මිශ්‍රකොට ජලය ලබාදී ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ගවයින් ඝාතනය කිරීම සම්බන්දයෙන් එම ප්‍රදේශයේ කාන්තාවක් කටයුතුකර ඇති බවටයි සෙට්ටිකුලම ප්‍රදේශවාසීන් පවසනේ.
ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසුවේ අදාළ කාන්තාවකගේ වගා ඉඩම වෙත පැමිණි ගවයින් රංචුවක් වෙත අදාළ කාන්තාව මෙලෙස විෂ මිශ්‍ර කොට ජලය ලබාදි ඇති බවයි.
මියගිය ගවයින්ගේ සිරුරු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගවයින්ගේ ඝාතනයට සම්බන්ධ නිශ්චිත තොරතුරු අනාවරණය කර ගැනීමට නියමිත බවයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන සෙට්ටිකුලම පොලිසිය පැවසුවේ.


ඡායාරූප – වවුනියාව, මාධව කුලසූරිය / රොමේෂ් මධුසංක