Gossips

ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු විල්ගමුව පාලමෙන් පැන ජීවිතක්ෂයට පත්වෙයි

නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක රියදුරෙකු දඹුල්ල – මහියංගණය මාර්ගයේ විල්ගමුව ඇළට පැනීමෙන් ජිවිතක්ෂයට තිබෙනවා.
මෙම පුද්ගලයා අද පෙරවරුවේ සිය ලොරි රථයෙන් ගවයින් 11 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි අවස්ථාවේදී පොලීසිය රථය ලූහුබැඳ ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
පසුව ලොරි රථය විල්ගමුව පාලම අසළ නතර කළ රියදුරා පාලමෙන් පහලට පැන පලායෑමට උත්සාහ කර ඇති අතර එහිදී සිදුවූ තුවාල සහ දියේ ගිලීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
25 හැවිරිදි ඔහු දිගන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ලොරි රථයේ සිටි රිය සහයකවරයා පොලිස් අත්අඩංගුවට ගත්තා.