Gossips

ගලේවෙල නිධන් හෑරූ තුන්දෙනෙකු අත්අඩංගුවට

ගලේවෙල – දික්ගල රක්ෂිතයට මායිම්ව පිහිටි කුඹුක්ගොල්ල ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුනින් කැනීම් සිදුකළ පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සමඟ ඔවුන් කැණීම් සඳහා භාවිත කළ උපකරණද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අවුරුදු 24, 54 සහ 60 යන වයස්වල පසුවන ගලේවෙල, කඩවත සහ පාදුක්ක ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.