Gossips

ගලේවෙල – තලකිරියාගම අනතුරකින් දෙදෙනෙකු මරුට

දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ ගලේවෙල – තලකිරියාගමදී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කල දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
ඔවුන් සමන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවන්. කොළඹට භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී පසුපසින් පැමිණි යතුරුපැදිකරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙනවා.