Gossips

ගලේවෙල – කොරකහගොල්ල වැවේ ගිලීමෙන් පුද්ගලයෙකු මියයයි

ගලේවෙල – අලූත්වැව – කොරකහගොල්ල වැවේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මොහු ඊයේ පස්වරුවේ ආගමික උත්සවයක් සදහා වැවෙහි නෙලූම් මල් කැඞීමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට ලක්වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
ප්‍රදේශවාසීන් සහ පොලීසිය පැය 4 ක කාලයක් සිදුකළ මෙහෙුයමකින් අනතුරුවයි දියේ ගිලී අතුරුදන්ව සිටි මොහුගේ මළ සිරුර සොයා ගෙන ඇත්තේ.
54 හැවිරිදි ඔහු ගලේවෙල කොස්පොත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.