Gossips

ගලේවෙල අඹුසැමි යුවළ ඝාතනයට සොහොයුරා අත්අඩංගුවට

ගලේවෙල – දේවහූව කීඇල ප්‍රදේශයේ අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී, වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මියගිය කාන්තාවගේ සහෝදරයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සඟවා තිබූ ගිනි අවියක් සහ පිහියක්ද පසුව සොයා ගැනුනා.
ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවටයි සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී ඇත්තේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිය සහෝදරිය සහ ඇගේ සැමියා ඝාතනය කිරීමෙන් පසු ගිනි අවිය සහ තියුණු ආයුධය ප්‍රදේශයේ ඇළකට දමා කොළඹ සැඟව සිටි බවයි.
කෘෂි නිෂ්පාදන වෙනුවෙන් මධ්‍යම පළාතේ දිරිය කාන්තාවට හිමි සම්මානයද හිමිකරගත් 51 හැවිරිදි අනුලා සුරවීර සහ ඇයගේ සැමියා වන කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියෙකු වන 53 හැවිරිදි ගාමිණී සුරවීර මෙහිදී ඝාතනයට ලක්ව තිබුණා.
සැකකරු හෙට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් සිටින බවටයි පොලීසිය සැක පළ කරන්නේ.