Gossips

ගලේවෙල අනතුරකින් තරුණයෙකු මරුට

ගලේවෙල – මොරගොල්ල – ඉහළ වෙල ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී ඊයේ (08) මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අනතුරෙන් තුවාල ලැබූ 24 හැවිරිදි යතුරුපැදිකරු ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.