Gossips

ගලේවෙලදී ත්‍රි රෝද රථයක් ටිපර් රථයක ගැටී තරුණයෝ දෙදෙනක් මරුට (ඡායාරූප)

දඹුල්ල ගලේවෙල මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් ටිපර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් දෙදෙනෙකු ගලේවෙල රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස අනතුරින් මරණයට පත්ව ඇත්තේ ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 සහ 22 හැවිරිදි වියේ පසුවූ තරුණයින් දෙදෙනෙක්.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රි රෝද රථයේ, රියදුරු ඇතුළුව සිව්දෙනෙකු ගමන් කර තිබෙනවා.
ඔවුන් අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී මේ අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර පිලිබඳව ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

(ඡායාරූප – දඹුල්ල – අශෝක එරමිණිගම්මන )