Gossips

ගලේවෙලදී එකිනෙක ගැටී සිදුවූ බස්, කන්ටේනර් අනතුර

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල, කනාදන ප්‍රදේශයේදී අද (08) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ගලේවෙල පොලීසිය පැවසුවේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් සහ ළූණු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ බස් රථයේ රියැදුරු සහ මගීන් දෙදෙනෙකු බවයි පොලිසිය සඳහන් කළේය.
බස් රථයේ අධික වේගය සහ පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මාර්ගය ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
බස් රථය සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරුව කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ වෙළඳසැලකට කඩාවැදී ඇති බව සඳහන්.
අනතුර සම්බන්ධයෙන් රථ දෙකෙහිම රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.