Gossips

ගලිගමුව ඉන්ධන පිරවුම්හලේ රිය අනතුරින් එක් අයෙකු රෝහලේ

කෑගල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගලිගමුව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට පැමිණි වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පිරවුම්හලේ සේවකයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
අද (29) දහවල් සිදු වූ මේ අනතුරට අයත් වෑන් රථය පදවා ඇත්තේ කාන්තාවක විසින්.
ඇය ඉන්ධන ලබාගැනීමේ අනතුරුව එම ස්ථානයෙන් පිටවී යාමට උත්සහ කිරීමේදී වේගය පාලනය කරගැනීමට නොහැකිවයි මේ අනතුර සිදුවී ඇත්තේ.
තුවාලකරු කෑගල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුර සිදුකල කාන්තාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බවයි පොලිසිය කියා සිටියේ.
අනතුර පිලිබඳව කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
මේ අතර, අනතුර සිදුවන අකාරය ඉන්ධන පිරවුම්හලේ සවිකර තිබූ CCTV කැමරාවේ මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.