Gossips

ගල් ගල්ගුහාවක දෙදනෙකු මියගියේ විස දුමාරය ආඝ්‍රාණය වීමෙන් බවට තහවුරු වෙයි (ඡායාරූප)

ගල් ගුහාවක් තුළ මියගිය රාගල සෙන් එලියාස් වතුයායේ පදිංචි තරුණයින් දෙදෙනා විස දුමාරය ආඝ්‍රාණය වීම නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.
පසුගිය 15 වනදා මොවුන් එම වතුයායේ රක්ෂිතයක පිහිටි ගල් ගුහාවක අභිරහස් ලෙස මියගොස් සිටියේ ඉත්තෑවන් දඩයම් කිරීම සඳහා ගොස් සිටියිදියි.
එහිදී ඉත්තෑවන් ගල් ගුහාවෙන් ඉවතට ගැනීම සඳහා දුමාරයක් ඇති කර තරුණයින් දෙදෙනාද ගල් ගුහාව තුළ රැඳී සිට ඇති බව අනාවරණ වී තිබෙනවා.
මොවුන් දෙදෙනාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණු අතර, මියගිය තරුණයින් දෙදෙනා මීට පෙරද සතුන් දඩයම් කිරීමේ ජාවාරමේ නිරතව සිට ඇති බවටයි පොලීසියට තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ