ගල්කිස්ස මුහුදු තීරයේ දියනාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (15) පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස විද්‍යාල මාවතේ නිවාස සංකීර්ණයක තාවකාලිකව පදිංචිව සිටි 77 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.
සිය බිරිඳ සමග දිය නාමින් සිටියදී දිය රළකට හසුව දියේ ගිලුනු ඔහු කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
