ගල්කිස්ස ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගනිමින් වෙරළ සාදයකට යමින් සිටි පුද්ගලයින් 31 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රීයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇති මොවුන් අතර තරුණියන් තුන්දෙනෙකු ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
අවුරුදු 18 ත් 30 ත් අතර වයස්වල පසුවන මෙම පිරිස ග්‍රෑන්ඩ්පාස්, වාද්දුව සහ කොළඹ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
සැකකරුවන් ළග තිබී හෂීස්, ගංජා සහ අයිස් වැනි මත්ද්‍රව්‍ය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
