Gossips

ගල්කිස්සේ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් 12 දෙනෙකු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් අද අලූයම හතරේ සිට පෙරවරු 9 දක්වා ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පිරිස අතර කාන්තාවන් 4 දෙනෙකුද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මොවුන් සතුව තිබී හෙරොයින්, කේරළ ගංජා, නීතිවිරෝධී මත්පැන් ඇතුලූ තවත් නඩු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 20 ත් 50 ත් අතර වයස්වල පසුවන්නන්.