ගල්කිස්ස – රත්මලාන උතුර ප්‍රදේශයේ නිවසකට ඊයේ අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී රිපීටර් වර්ගයේ තුවක්කුවක් සහ ජීව උණ්ඩයක් සොයා ගෙන ඇති බවයි.
34 හැවිරිදි මොහු ගල්කිස්ස ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර නිවසට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව තිබුණේ නැහැ.
