Gossips

ගල්කිස්සේ දේපළ කොල්ල කෑ 5ක් අත්අඩංගුවට

ගල්කිස්ස ප්‍රදේශයේ දේපළ කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් නිවෙස්වලට ඇතුළු වී පුද්ගලයින් බිය ගන්වා මුදල් හා දේපළ කොල්ලකෑම් රැසක් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 4ක්, රූපවාහිනී යන්ත්‍ර දෙකක්, ටැබ් පරිඝනකයක් සහ අපරාධ සිදුකිරීම සඳහා උපයෝගී කර ගන්නා ලද යකඩ කඩු දෙකක් සහ ගිවි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඔවුන් අවුරුදු 23ත්, 27ත් අතර වයස්වල පසුවන මොරටුව හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන්.