Gossips

ගලහ සැකකරුවන් හඳුනා ගනී

ගලහ මූලික රෝහලට අලාභ හානි සිදුකළ පුද්ගලයින් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා.
ගලහ පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවයි.
පසුගිය 28 වන දා ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අවුරුදු එක හමාරක් පමණ වයසැති කුඩා පිරිමි දරුවෙකු මිය යාමේ සිද්ධියත් සමඟ එහි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තා.
එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත්, ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ සැකකරුවන් සඳුදා දිනය වන විට අත්අඩංගුවට නොගතහොත් ලබන අගහරුවාදා සිට මධ්‍යම පළාත තුළ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.