Gossips

ගලහ රෝහල ඉල්ලා අදත් විරෝධතා

වසා දමා ඇති ගලහ රෝහල විවෘත කර දෙන ලෙස ඉල්ලමින් සහ එම රෝහලට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් අදත් ගලහ නගරයේ විරෝධතාවක නිරතවුණා.
විරෝධතාවයෙන් අනතුරුව ඔවුන් ගලහ රෝහල දක්වා පා ගමනකද නිරතවූ බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.