කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියක් මුල්කරගෙන පසුගියදා ගලහ මූලික රෝහලේ දේපලවලට හානි සිදුකිරීම ඇතුළු චෝදනා 3 ක් සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අයුතු ජනරාශිය සහ රජයේ සේවකයින් සාපරාධි බිය ගැන්වීම ඔවුන්ට එල්ල වී ඇති අනෙක් චෝදනා වනවා.
වයස අවුරුදු 25 ත් 40 ත් අතර වයසේ පසුවන සැකකරුවන් ගලහ – දෙල්තොටවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම සිද්ධිය පිලිබදව විමර්ශන සිදුකරන ගම්පොල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අත්අඩංගුවට ගත් එම සැකකරුවන් භාරදී ඇති අතර, ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය 28 වන දා ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අවුරුදු එක හමාරක් පමණ වයසැති කුඩා පිරිමි දරුවෙකු මිය යාමේ සිද්ධියත් සමඟ එහි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තා.
එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත උපදෙස් ලබාදී තිබුණා.