Gossips

ගලහ රෝහලට පහරදුන් තවත් 5 දෙනෙකු අත්අඩංගුවට

ගලහ රෝහලට පහර දී අලාභ හානි සිදුකිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් 05 දෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැදල සහ දෙහිවල ප්‍රදේශවල සැඟව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
අවුරුදු 21ත්, 28ත් අතර, වයස්වල පසුවන ඔවුන් ගලහ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අවුරුදු එක හමාරක දරුවෙකු මියයාම සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මස 28 වන දින රෝහලට පහරදී අලාභ හානි සිදුකළ අතර, මේ හේතුවෙන් වසා දැමුණු ගලහ රෝහල මේ වන තෙක් විවෘත කර නැහැ.