Gossips

ගලහ මූලික රෝහලේ නොසන්සුන්කාරි තත්ත්වයක්

ගලහ මූලික රෝහල ඉදිරිපිට නොසන්සුන්කාරි තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
ඒ උණ රෝගයක් වැළදී රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියත් සමගයි.
අවුරුදු තුනහමාරක් වයසැති මෙම කුඩා පිරිමි දරුවාට වැළදී ඇති උණ රෝගය උත්සන්න වීමත් සමග දෙමව්පියන් අද පෙරවරුවේ රෝහලට ඇතුලත් කරනු ලැබුවා.
එහිදී වෛද්‍යවරුන් තම දරුවාගේ රෝගය පරීක්ෂා නොකිරීම හේතුවෙන් මියගිය බවට චෝදනා කරමිනුයි දෙමාපියන් සහ ඥාතීන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.
කෙසේ වෙතත්, රෝහලේ ආරක්ෂාව සදහා මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා තිබෙනවා.