Gossips

ගලහ ප්‍රදේශයේ පහරදීමකින් පුද්ගලයෙකු මරුට

ගලහ – මාඋස්සාව ප්‍රදේශයේදී පියෙකුට සහ පුතෙකුට පුද්ගලයින් පිරිසක් සිදුකළ පහරදීමකින් පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ඊයේ මොවුන් සිය ත්‍රිරෝද රථයෙන් නිවස බලා පැමිණෙමින් සිටියදී කිසියම් පිරිසක් මඟ හරස් කර රථය නවතා අතින් සහ බෝතල්වලින් පහරදී ඇති බවයි.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ 61 හැවිරිදි පියා සහ 25 හැවිරිදි පුත්‍රයා දෙල්තොට රෝහලට ඇතුළත් කෙරුණා. පසුව පියා මියගිය බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අනාවරණ කරගෙන ඇති අතර, ඉන් එක් අයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.