ගලහ – ලූල්කඳුර වත්ත කොණ්ඩගල ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු 25 දෙනෙකු ඊයේ රෝහල් ගත කෙරුණා.
මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ කෑගල්ල, වරකාපොළ සහ රත්නපුර ප්‍රදේශවලින් සංචාරයක් සඳහා පැමිණි පිරිසක්.
දෙල්තොට දිසා රෝහලට ඇතුළත් කළ ඔවුන් අතර වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු ද සිටි බව සඳහන්.
කෙසේ නමුත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
රෝහල් ගත කළ පිරිස අතරින් 5 දෙනෙකු හැර අනෙක් සියළු දෙනාම මේ වන විට සුවය ලබා නික්ම ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.