Gossips

ගලබොඩ ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයාගනී

නාවලපිටිය ගලබොඩ ඇල්ලේ දියනෑමට ගොස් ඊයේ (18) අතුරුදන් වූ පාසල් සිසුවාගේ සිරුර අද (19) උදෑසන සොයාගනු ලැබුවා.
දිය ඇල්ලට පහලින් පිහිටි ගැඹුරු වලක තිබී සිසුවාගේ සිරුර ගොඩගනු ලැබුවේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි
මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවෙක්.
ඊයේ සවස 3ට පමණ සිසුවා සිය පෙම්වතිය සමඟ මෙම ස්ථානයට පැමිණ ඇති බවයි පොලිසිය පැවසුවේ.
මොවුන් දෙදෙනා ගලබොඩ ඇල්ල නැරඹිමට පැමිණ ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වන බව පවසමින්.
ප්‍රදේශවාසින් පවසන්නේ දිය ඇල්ලට පහලින් ගැඹුරු වලේ දෙදෙනාම දිය නාමින් සිටියදි එකවරම පාසල් සිසුවා අතුරුදහන් වු බවයි.
ඊයේ (18) පස්වරුවේ සිටම අද (19) උදැසන දක්වා ගලබොඩ දිය ඇල්ල අවට ප්‍රදේශවාසින් විසින් අතුරුදහන්වු සිසුවා සොයා මෙහෙයමුක් දියත් කළා.
සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.
ගලබොඩ දිය ඇල්ල අවට ප්‍රදේශවාසින් පවසන්නේ ගලබොඩ දිය ඇල්ල නැරඹිමට එන දෙස් විදෙස් සංචාරකයන්ට පස්භාගේ කොරලය ප්‍රාදේශිය සභාව මගින් ප්‍රවේශපත්‍රයක් නිකුත් කලත් එම සංචාරකයන්ට අවශ්‍යය පහසුකම් හෝ ආරක්ෂිත වැඩ පිලිවෙලක් ප්‍රාදේශිය සභාව මගින් දියත් කර නොමැති බවයි.