Gossips

ගර්භනී ගුරුවරියන්ට විශේෂ නිවේදනයක්

ගර්භනී සමයේ පසුවන ගුරුවරියන්ට අද සිට සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
ගර්භනී ගුරුවරියන්ට ඉගැන්වීම් කාර්යයේදී පහසු ඇඳුමක් ලබාදීමේ අවශ්‍යතාව වෛද්‍යවරුන්, අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ.
පාසල් පද්ධතිය තුළ සිටින ගුරුවරියන් එක්ලක්ෂ 72,000න් වාර්ෂිකව ගුරුවරියන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් ප්‍රසූත නිවාඩු ලබා ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.