මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් විසින් අත්අඩංගුවට ගෙන සිටින අගවිනිසුරුවරයාට සහ හිටපු ජනපති අබ්දුල් ගයූම්ට කුමන්ත්‍රණ චෝදනා එල්ල කර තිබෙනවා.
ඒ, විපක්ෂ දේශපාලනඥයන් නිදහස් කිරීමට නියෝග කරමින් ආණ්ඩුව පෙරළීමට උත්සාහයක නිරත වූ බව පවසමින්.
වත්මන් මාලදිවයින් අර්බුදය ආරම්භ වූයේ හිටපු ජනාධිපති මොහොමඞ් නසීඞ් ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමත් සමඟයි.
එහෙත් ජනාධිපති අබ්දුල්ලා යමීන් එය පිළිපදිනු වෙනුවට අගවිනිසුරුවරයා සහ තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් අත්අඩංගුවට ගෙන එරට හදිසි නීතිය පනවනු ලැබුවා.
ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියෙකු වන 30 වසරක් මාලදිවයිනේ නායකයා වූ 80 හැවිරිදි හිටපු ජනාධිපති අබ්දුල් ගයූම් ද අත්අඩංගුවට ගැනුණේ ඔහු අගවිනිසුරුට අල්ලස් ලබාදී අදාළ තීන්දුව ලබා ගත් බව පවසමින්.
මාලදිවයින් ජනාධිපති යමීන්ගේ ක්‍රියාමාර්ග බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය සහ ජගත් සංවිධානය විසින් ද හෙළාදැක තිබෙනවා.