Gossips

ගම හදන ගමන, ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ග්‍රාම ශක්ති ව්‍යාපාරයට සමගාමිව ක්‍රියාත්මක කෙරෙන ග්‍රාම ශක්තියෙන් ගම හදන ගමන වැඩසටහනේ පළමු අදියර අද (13) පුත්තලම දිස්ත්‍රික්කයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
මෙමගින් ගමේ ජනතාවගේ සංවර්ධන ගැටළුවලට ක්ෂණික විසදුම් ලබාදීම සිදුකෙරෙනවා.
පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16ම ජනතා නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටිනවා.
ගම් වැසියන්ට එහිදී ජනාධිපතිවරයාට ඍජුවම තම ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.