Gossips

ගමින් ගමට හිරු අද අයගම – කවිච්චිකන්දට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 04 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මක වනවා.
ඒ අනුව හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක වූයේ රත්නපුර – අයගම – පල්ලේකඩ ප්‍රදේශයේයි.
හිරු ගමින් ගමට වැඩසටහන අද (06) පැවැත්වෙන්නේ අයගම – කවිච්කන්ද ගම්මානය කේන්ද්‍ර කරගනිමින්.
මෙම වැඩසටහනට එක්වන ජනතාවට හිරු ජංගම මැදිරිය නරඹා සජීවීව වැඩසටහන් සමඟ සම්බන්ධවීමටද අවස්ථාව සැලසීම විශේෂත්වයක්.
එසේම ත්‍යාග රැසක් ඔවුන් වෙත බෙදාදීමටයි හිරු එෆ්.එම්. කටයුතු යොදා ඇත්තේ.