Gossips

ගම්වාසීන්ගේ අලි මෙහෙයුම

වන අලි ගම් වැදීමෙන් සුරියවැව අන්දර වැව ප්‍රදේශයේ ඊයේ (12) දහවල් නොසන්සුන්තාවක් ඇති වී තිබෙනවා.
එම වන අලි රංචුව විසින් ප්‍රදේශයේ නිවාස දෙකක් සහ වගා බිම් රැසක් විනාශ කර ඇති බව සඳහන්.
මෙසේ දින කිහිපයක සිට වන අලි කඩා වැදීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව භීතියට පත්ව තිබෙනවා.
මෙසේ ගම් වැදුනු අලින් අතර එක් අලියෙකුගේ ඉදිරි පාදයේ වෙඩි වැදුණු තුවාලයක් තිබෙන අතර ඒ හේතුවෙන් අලියා දැඩි අසාධ්‍ය තත්වයේ පසුවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
එම වෙඩි වැදුණු වන අලියා තනි නොකර අනිත් වන අලින් අන්දර වැව ප්‍රදේශයේ සැරිසරන බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.