Gossips

ගම්මිරිස්වලටත් තත්ව සහතිකයක්

ඉන්දියාවට අපනයනය කරන ගම්මිරිස්වල ගුණාත්මකභාවය මැනීමට තත්ත්ව සහතිකයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
මෙරට වෙළඳ නාමය යොදා ගනිමින් ගම්මිරිස් අලෙවි කිරීමට සෙසු රටවල් ගන්නා ප්‍රයත්නය නතර කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙරට නිෂ්පාදනය කරන ගම්මිරිස්වල ගුණාත්මකභාවය තහවුරු කිරීම සහ ශ්‍රී ලාංකීය ගම්මිරිස් නිෂ්පාදනවල වෙළදනාමය ආරක්ෂා කිරීම මෙහි තවත් අරමුණක් වනවා.