Gossips

ගම්මන්පිළගෙන් අභියෝගයක්

විශ්වාසභංගයට එරෙහිව අග්‍රාමාත්‍යවරයාට සහය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ අත්සන් සහිත ලියවිල්ල ප්‍රසිද්ධ කරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (03) අභියෝගයක් කළා.
ඒ, කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ලැබී ඇත්තේ අත්සන් 78ක් පමණක් බවයි.
විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය හෙට (04) දිනයේ නොපවත්වා කල් දැමීමට ආණ්ඩුව සුදානම් වන බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.
මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවලදී අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පිලිබඳව පළවූ අදහස් පහතින්.