Gossips

ගම්මන්පිලගේ අභියෝගය අනුර කුමාර පිළිගනී – 20 ගැන විවාදය 7 වෙනිදා බලයේ දී

ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කල 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට අභියෝගයක් එල්ල කළා.
එම අභියෝගය ජනතා විමුක්ති පෙරමුණේ නායකයා එදිනම හිරු ටී වී සලකුණ වැඩසටහනේදී භාරගත්තා.
නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රී උදය ගම්මන්පිළ කියාසිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අභියෝගය භාර ගැනීම පිළිබඳ කෘතඥතාව පළකරන බවයි.
මේ අනුව ඔවුන් ලබන මස 7වන බ්‍රහස්පතින්දා රාත්‍රී 10.30ට හිරු බලය දේශපාලන සංවාදාත්මක වැඩසටහන තුලින් හමුවීමට නියමිතයි.
මෙම බලය වැඩසටහන සඳහා උදය ගම්මන්පිල සමග ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙක් සහ ජනතා විමුක්ති පෙරමුණ ද එක්වීමට නියමිතයි.